උසස් පෙළ සිසුන්ගේ භෞතික විද්‍යා විෂය දැනුම වර්ධනයට බණ්ඩාරවෙල හා බදුල්ල නගරයන්හි වැඩමුළු දෙකක් පරමාණුක බලශක්ති මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන්…

උසස් පෙළ  හදාරන පාසැල් සිසුන්ගේ  භෞතික විද්‍යා විෂය දැනුම වර්ධනය උදෙසා පවත්වනු ලැබූ වැඩමුළු  දෙකක් 2022.03.09 වනදින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණි. මින් එක් වැඩමුළුවක් බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් ජාතික පාසලේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ඒ සඳහා සිසු සිසුවියන් 600ක් පමණ සහාභාගී විය. එදිනම බදුල්ල නගරයේ පාසැල් සිසු දරුවන් සඳහා වූ වැඩ සටහන පවත්වනු ලැබුවේ බදුල්ල මහ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදීය. ඒ සඳහා සිසුන් දහසක් පමණ සහභාගී විය.

මෙම වැඩසටහන් වල ප්‍රධාන දේශණය ශ්‍රී ලංකා  පරමාණුක බලශක්ති මණ්ඩලයේ ගරු සභාපති මහාචාර්ය S.R.D. රෝසා මහතා විසින් පැවැත්වූ අතර උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්නපත්‍රයට සාර්ථකව මුහුණ දීමට සිසුන් සුදානම් වියයුතු ආකාරය පිළිබඳව එම දේශණය මගින් සිසුන් දැනුවත් කෙරුණි. ශ්‍රී ලංකා  පරමාණුක බලශක්ති මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රියංග රත්නායක මහතා විසින් අසිරිමත් විකිරණ යන මැයෙන් අයනීකාරක  විකිරණ සම්බන්ධව සිසුන් ව දැනුවත් කරනලදී.

මෙම වැඩසටහන් සංවිධානය, බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් ජාතික පාසලේ ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති D.S. කැන්දවෙල මහතා හා ප්‍රවීණ දේශක ජනක හේරත් මහතා විසින් සිදු කරන ලදී.