Mr.Anura Jayathilake

අධ්‍යක්ෂ - නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

නිර්විනාශක  පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ (NCNDT) අධ්‍යක්ෂ ධූරය හොබවන අනුර ජයතිලක මහතාට දශක දෙකකට ආසන්න නිර්විනාශක පරීක්ෂණ (NDT) පිළිබඳ අත්දැකීම් සම්භාරයක් තිබේ. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (භෞතික විද්‍යා – විශේෂ) උපාධිය ද , මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධිය ද  ලබා ගෙන ඇත. ජයතිලක මහතා NIBM වෙතින් වෘත්තීයවේදීන් උදෙසා වන ඉංග්‍රීසි ඩිප්ලෝමාව ලබා ඇති අතර මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයෙන් තාක්ෂණ කළමනාකරණය පිළිබඳ MBA උපාධිය හදාරමින් සිටී.

ජයතිලක මහතා 2001 වසරේදී පරමාණුක බලශක්ති අධිකාරියට විද්‍යාත්මක නිලධාරියෙකු ලෙස සම්බන්ධ වූ අතර ජ්‍යෙෂ්ඨ විද්‍යාත්මක නිලධාරි හා NCNDT හි නියෝජ්‍ය අධ්‍යක්ෂ යන තනතුරු වලට උසස් කරන ලදී. නිර්විනාශක පරීක්ෂණ (NDT) වෘත්තිකයෙකු ලෙස ඔහු ISO 9712 තත්ව ප්‍රමිතියට අනුව තුන්වන මට්ටමේ අතිධ්වනි (UT 3) පරීක්ෂණ සහ තුන්වන මට්ටමේ චුම්බකිත අංශු (MT 3) පරීක්ෂණ සඳහා සහතික ලත් පරීක්ෂණ ශිල්පියෙකි. ඔහු ISO 17024 තත්ත්ව ප්‍රකාරව පුද්ගලයින් සහතික කිරීම සඳහා සුදුසුකම් ලත් තක්සේරුකරුවෙකු වන අතර IAEA / RAS 1022 ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙසද කටයුතු කරයි.

NCNDT මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB) යටතේ ක්‍රියාත්මක වන අතර ඔහු NCNDT හි සමස්ත කටයුතු පවත්වාගෙන යාමේ වගකීම දරන අතර මධ්‍යස්ථානය සඳහා උපායමාර්ගික තීරණ ගැනීමට ඍජුව දායක වේ.