ජාතියේ න්‍යෂ්ටික තාක්ෂණික සේවා සැපයුම්කරු

න්‍යෂ්ටික තාක්ෂණය පුළුල් පරාසයක විහිදෙන යෙදවීම් වලින් යුක්ත වන අතර වෛද්‍ය, කෘෂිකාර්මික, කරමාන්ත, බලශක්ති හා පාරිසරික යන ක්ෂේත්‍රයන් සංවර්ධනය සඳහා ඉතා ඉහළ දායකත්වයක් ලබා දෙනු ලබයි. ආරක්ක්‍ෂාව හා සුරක්ෂිතතාවය තහවුරු කරගනිමින් ඉහත කී කේෂ්ත්‍ර සඳහා අවශ්‍යකරන  න්‍යෂ්ටික තාක්ෂණික සේවාවන් සැපයීම, එම තාක්ෂණයන් රට තුල ප්‍රචලිත කිරීම හා විකිරණ ආරක්ෂණ සේවා සැපයීම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සතු වගකීමකි. ඒ අනුව යමින් න්‍යෂ්ටික හා විකිරණශීලී තාක්ෂණයන් යොදා ගනිමින්, ශ්‍රී ලාංකික ව්‍යාපාරික හා පර්යේෂණ ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා, විශාල වපසරියක පැතිරුණු සේවාවන් රාශියක් අප විසින් සපයනු ලබයි. නවීනතම විද්‍යාගාර පහසුකම් යොදා ගනිමින්, ඉහළ තාක්ෂණික නිපුණත්වයකින් හෙබි මානව සම්පතක් විසින්  අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව අදාළ සේවාවන් සැපයීම අපගේ සුවිශේෂීත්වයයි.