අපගේ අනු අංශ

    වැඩිදුර තොරතුරු හා විමසීම්

  • තනතුරඅධ්‍යක්ෂක - විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා
  • නම ප්‍රසාද් මහකුමාර මහතා
  • දුරකථන අංකය 011-207-5232
  • ජංගම දුරකථන අංකය071-807-1371
  • ෆැක්ස් 011-253-3448
  • විද්‍යුත් ලිපිනය prasad@aeb.gov.lk

හදිසි ආපදා පෙර සූදානම සහ විකිරණ අධීක්ෂණය

විකිරණශීලී ද්‍රව්‍ය ආශ්‍රිත යෙදීම් වල ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහාවිකිරණ ආපදා පෙර සුදානම සහ විකිරණ අධීක්ෂණය අත්‍යාවශ්‍ය වේ. එහිදී, රට තුළ සිදුවිය හැකි විකිරණ හදිසි ආපදා තත්ත්ව සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී, ප්‍රධාන තාක්ෂණික සහ විද්‍යාත්මක ආයතනය ලෙස ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ක්‍රියාත්මක වේ.  එසේම පාදස්ථ විකිරණශීලීතා දත්ත යාවත්කාලීන කරමින් පවත්වාගෙන යනු ලබන්නේ ද මණ්ඩලය විසිනි. එහිදී, මණ්ඩලය වෙනුවෙන් එම කාර්යය ඉටු කිරීමේවගකීම විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශයේ හදිසි ආපදා පෙර සුදානම පිලිබඳ අනු අංශයට පැවරේ.

න්‍යෂ්ටික ආපදා පූර්ව හඳුනාගැනීමේ අනාවරක පද්ධතිය

වර්තමානයේ දී ශ්‍රී ලංකාව සතුව න්‍යෂ්ටික බලාගාර හෝ න්‍යෂ්ටික ඉන්ධන සැකසුම් මධ්‍යස්ථාන නොමැති නමුත්, ආසන්න රටවල් වන ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් වල න්‍යෂ්ටික බලාගාර ගණනාවක් ඉදි කර තිබේ. එසේම එම රටවල් සහ තවත් රටවල් ගණනාවක න්‍යෂ්ටික අවි පිළිබඳව පර්යේෂණ ද පැවැත්වේ. සාමාන්‍ය ක්‍රියාකාරී තත්ත්ව වලදී න්‍යෂ්ටික බලාගාර ඉතා ආරක්ෂිතව ක්‍රියාත්මක වන අතර කිසිදු විමෝචනයක් සිදු නොකරයි. කෙසේ නමුත්, න්‍යෂ්ටික බලාගාරයක සිදු විය හැකි හදිසි අනතුරකින් හෝ ආසන්නකලාපයේ සිදු කෙරෙන න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකින්, කුඩා විකිරණශීලී අංශු සහ විඛණ්ඩනය වූ න්‍යෂ්ටික ඉන්ධන පරිසරයට නිදහස් විය හැකි ය. න්‍යෂ්ටික බලාගාර අනතුරු සඳහා උදාහරණ ලෙස 1986 දී රුසියානු සමූහාණ්ඩුවේ (වර්තමාන යුක්රේනය) සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර සහ 2011 දී ජපානයේ සිදු වූ ෆුකුෂිමා-ඩායිචී න්‍යෂ්ටික බලාගාර අනතුර දැක්විය හැකිය. එවැනි අවස්ථාවක දී පරිසරයට නිදහස් වන විකිරණශීලී ද්‍රව්‍ය සුළඟ සමග රට තුලට හමා අවුත්, වැස්ස සමග පොළවට ඇද වැටීමේ අවදානමක් තිබේ.

මෙවැනි විකිරණශීලී අංශු ඇද වැටීම් වලින් විකිරණශීලී දූෂිත කලාප (contaminated areas) ඇතිවිය හැකි අතර, එවැනි ස්ථාන වල විකිරණශීලීතාවය සාමාන්‍ය ස්වභාවික විකිරණශීලීතා අගයට වඩා වැඩි විය හැකි ය. මෙවැනි විකිරණශීලීතාවය වැඩි ස්ථානයක්, “විකිරණශීලී උණුසුම් කලාපයක්” (Radioactive Hotspot) ලෙස හඳුන්වනු ලැබේ. එවැනි අවස්ථාවක දී, එම කලාපයේ වෙසෙන ජනතාවගේ සහ එම පරිසර පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් ක්‍රියාමාර්ග ගත යුතු වේ. එහි මූලිකම කාර්යය වනුයේ එවැනි උණුසුම් කලාපයක් ඇති වූ වහාම එය හඳුනාගැනීම වේ.

එවැනි හඳුනාගැනීමක් වහාම සිදු කිරීමට නම් ස්වභාවික විකිරණශිලීතාවය නොකඩවා මිනුම් කිරීම සිදු කළ යුතු ය. ඒ සඳහා අතිසංවේදී, ස්වයංක්‍රීය අනාවරක ජාලයක් ස්ථාපිත කර ඇති අතර එම පද්ධතිය “න්‍යෂ්ටික ආපදා පූර්ව හඳුනාගැනීමේ අනාවරක පද්ධතිය” ලෙස හඳුන්වනු ලැබේ. 2012 දී ස්ථාපිත කරන ලද එම පද්ධතිය දුරස්ථ අනාවරක 08කින් සමන්විත ව ක්‍රියාත්මක වේ. මේ වන විට, යාපනය, මන්නාරම, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, පේරාදෙණිය, ඩෙල්ෆ්ට් දූපත සහ ගාල්ලේ එම දුරස්ථ අනාවරක පිහිටුවා ඇත. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන එම පද්ධතියට අයත් දුරස්ථ අනාවරක සංඛ්‍යාව අඛණ්ඩව වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු මණ්ඩලය විසින් සම්පාදනය කරනු ලැබේ.

ස්වයංක්‍රීය දුරස්ථ අනාවරක මගින් රැස් කරගනු ලබන දත්ත මණ්ඩලයේ ඇති මධ්‍යම දත්ත ගබඩා පරිගණකය වෙත යොමු කෙරෙන අතර, අදාළ ප්‍රදේශයේ  විකිරණශිලීතාවයේ හදිසි වැඩි වීමක දී ස්වයංක්‍රීයව අනතුරු ඇඟවීමේ සඥාවක් ජනනය කිරීම එමගින් සිදු කෙරෙයි. පූර්ව ආපදාහඳුනාගැනීමේ පද්ධතියක් ලෙස මෙන් ම, ඒ ඒ ප්‍රදේශ වල විකිරණශිලීතාවය දීර්ඝකාලීනව අධීක්ෂණය කිරීම සඳහා ද පද්ධතිය බෙහෙවින් වැදගත් විද්‍යාත්මකමෙවලමකි. එසේම මෙම ජාලය, IAEA හි “අන්තර්ජාතික විකිරණ අධීක්ෂණ තොරතුරු පද්ධතිය” (International Radiation Monitoring Information System/IRMIS) සඳහා දත්ත සැපයීම කරන, ආසියා-පැසිෆික් කලාපයේ ඇති වන අනාවරක පද්ධතීන් කිහිපයඅතරින් එකක් ද වේ.

විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශය විසින් එම පද්ධතියේ නඩත්තු කටයුතු, ක්‍රමාංකනය, දත්ත විශ්ලේෂණය සහ අනතුරු සංඥා ඇගැයීම සිදු කරනු ලැබේ. පද්ධතියෙන් ලබා ගන්න විකිරණ මට්ටම් පිලිබඳ දත්ත, මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ ද ප්‍රකාශයට පත් කෙරේ.

විකිරණ ආපදාවක දී තාක්ෂණික සහ මානව සම්පත් සහය ලබා දීම

විකිරණ පහසුවක ඇති වන නොවැලක්විය හැකි ආපදාවක් (ගංවතුර, හදිසි ගිනි ගැනීම්, ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ විකිරණ ප්‍රභව අවභාවිතා කිරීමක දී) නිසා සිදු වන හදිසි අනතුරු අවස්ථාවක දී ප්‍රධානතම තාක්ෂණික සහාය කණ්ඩායම ලෙස විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශය ක්‍රියාත්මක වේ. විකිරණ ආශ්‍රිත හදිසි අවස්ථා කළමනාකරණය කිරීම පිළිබඳව වගකීම දරණ ශ්‍රීලංකාපරමාණුකබලශක්තිනියාමන සභාව වෙත අවශ්‍ය විද්‍යාත්මක සහ තාක්ෂණික සහය ලබා දීම අංශය මගින් සිදු කෙරේ. එවැනි අවස්ථාවක දී, ඉන් මහජනතාවට, පරිසරයට සිදුවිය හැකි හානි වැළැක්වීම සහ ප්‍රභවයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එම දායකත්වය ඉතා වැදගත් වේ.

එමෙන්ම, හදිසි ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම සහ එවැනි අවස්ථාවක දී විකිරණශිලීතා මට්ටම් ඇගයීම් කිරීම සඳහා ප්‍රතිචාර කණ්ඩායම් පුහුණු කිරීම ද අංශය යටතේ සිදු කෙරේ. ස්ථානීය ගැමා වර්ණාවලි විශ්ලේෂණය,විකිරණශීලී තැවරීම් හඳුනාගැනීම සහ මාත්‍රාමිතික දත්ත රැස් කිරීම සඳහා ඇගැයීම් කණ්ඩායම් පුහුණු කිරීම විකිරණශීලී තැවරීම් හඳුනාගැනීම සහ මාත්‍රාමිතික දත්ත රැස් කිරීම සඳහා ඇගැයීම් කණ්ඩායම් පුහුණු කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ ආරක්ෂක අංශ වල සහයෝගීතාව සමග පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වේ.

විකිරණ මිනුම්කරණය පිලිබඳ සේවා

කිසියම් පරිසරයක, නිවසක හෝ වෙනත් ගොඩනැගිල්ලක ජිවත් වන පිරිස් නිරාවරණය වන විකිරණ මාත්‍රා පිළිබඳව ඇගයීම් කිරීම සඳහා ස්ථානීය ගැමා වර්ණාවලි විශ්ලේෂණ, පසුබිම් ගැමා විකිරණ මිනුම්කරණය සහ රේඩොන් වායු සාන්ද්‍රණ මැනීම මගින් සේවා සැපයීමට විකිරණ ආරක්ෂණ සහ තාක්ෂණික සේවා අංශය පියවර ගෙන තිබේ. එවැනි සේවා පිළිබඳව කෙටි විස්තරයක් පහත දැක්වේ.

ක්‍රියාකාරිත්වය සහතික කිරීම

වෛද්‍ය, කර්මාන්ත හෝ පර්යේෂණ යෙදීම් වලදී විකිරණ ආරක්ෂාව වෙනුවෙන් යොදාගන්නා ඊයම් තහඩු යෙදූ දොර, ඊයම් මිශ්‍ර වීදුරු පැනල, ඊයම් ආවරණ යනාදිය නිවැරදි තාක්ෂණික සහ ආරක්ෂණ පිරිවිතර වලට අනුකූල වන බවට පරික්ෂා කර තහවුරු කිරීම සඳහා සේවා ලබා දීම ද අංශය මගින් සිදු කෙරේ.

පාදස්ථ විකිරණශීලීතා අධ්‍යයන වැඩසටහන

න්‍යෂ්ටික ආපදා පූර්ව හඳුනාගැනීමේ අනාවරක පද්ධතිය පිලිබඳ විස්තරයේ සඳහන් වන පරිදි, හදිසි විකිරණ/න්‍යෂ්ටික ආපදාවක දී, පාරිසරික විකිරණ මට්ටම් මිනුම් කිරීම සහ විකිරණ තැවරීම් සිදු වී ඇති ප්‍රදේශ හඳුනාගැනීම මණ්ඩලයේ තාක්ෂණික කාර්යයකි. මෙම ඇගැයීම සඳහා එම සිද්ධියට පෙර අදාළ ප්‍රදේශයේ වූ ස්වභාවික විකිරණශීලීතා මට්ටම් පිළිබඳව අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙම ස්වභාවික පසුබිම් විකිරණශීලීතා මට්ටම් පාදස්ථ අගයයන් වශයෙන් මිනුම් කර පවත්වාගත යුතු ය. එබැවින්, අංශය විසින් දිවයින පුරා පාදස්ථ විකිරණශීලීතා මට්ටම් මිනුම් කිරීම නිරන්තරයෙන් සිදු කරනු ලැබේ. ඒ සඳහා,